අප ගැන

පොළොන්නරුව බෞද්ධ සංගමය

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය මුල

නැරඹුම් ස්ථාන

මෛත්‍රී සෙවන නිවාඩු නිකේතනයේ නවාතැන් ගන්නා ඔබට පහසුවෙන

සම්බන්ධ වන්න

නේවාසික පහසුකම් ලබාගැනීම
දුරකථන අංකය  හා ෆැක්ස් අංකය    

‘‘මෛත‍්‍රී සෙවණ’’ නිවාඩු නිකේතනය

DSC_7946

දක්ෂීණ දන්ත ධාතූන් වහන්සේ වැඩ වසන ඓශ්චර්යමත් සෝමාවතිය, ඓතිහාසික සොලොස්මස්ථාන, මැදිරිගිරිය වටදාගෙය, මහරහතන් වහන්සේලා වැඩ විසු දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, ලෝක උරුමයන් ලෙස අප සතුව පවත්නා සීගිරිය, දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැද ගත් පාසිකුඩා වෙරළ, ඇතුළුව මේ සියල්ල කේන්ද්‍ර කරගත් පොළොන්නරුව පුලතිසිපුරවරයට දිනපතා ඇදී එන දස දහස් සංඛ්‍යාත බොදු බැතිමතුන් පමණක් නොව සංචාරකයන් උදෙසා නවාතැන් පහසුකම් නොමැති වීම බරපතල ගැටළුවක් විය.

මේ පිළිබදව අවධානය යොමුකරමින් එකවර 500 කට සහන පදනමක් මත සුවපහසු නවාතැන් සැපයීමට හැකි තෙමහල් විශ‍්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම්කර එ් සඳහා දායකවන මෙන් සංගමයේ සභාපති එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එතුමාට හිතෛෂී දානපති ව්‍යාපාරික ප‍්‍රජාව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වෙත කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් ලද රුපියල් මිලියන 75 ක අති දැවැන්ත මුදලක් වැය කර ඉදිකරන ලද පොළොන්නරුව “මෛත‍්‍රී සෙවණ” නිවාඩු නිකේතනය 2016 ජනවාරි 02 ජනතා අයිතියට පත් කර ඇති බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

මෙය විශ‍්‍රාම ශාලාවක් ලෙස පරිහරණය කරන ප‍්‍රජාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි ස්ථානය නඩත්තු කිරීම සදහා සීමිත මුදලක් අය කිරීමට අපේකෂා කරන අතර එය ද පරිත්‍යාගයක් වශයෙන් භාරගැනේ. එම නිසා මෙය ජනතාව සතු පොදු ස්ථානයක් සේ සලකා ආරක්ෂා කර ගැනීම, එය පරිහරණය කරන කාගේත් වගකීම සහ යුතු කම වේ.

මෙම ස්ථානයේ සාර්ථක පැවැත්ම සදහා නව අදහස් හා යෝජනා නිරන්තරයෙන් අපි අපේකෂා කරමු.

polonnaruwa-1

නැරඹුම් ස්ථාන

මෛත්‍රී සෙවන නිවාඩු නිකේතනයේ නවාතැන් ගන්නා ඔබට පහසුවෙන් පොලොන්නරුව අවට ඇති පහත ස්ථාන නැරඹිය හැක .   ගල් විහාරය නිශ්ෂංක ලතා මණ්ඩපය ලංකාතිලක විහාරය හැටදාගේ සත්මහල් ප්‍රාසාදය රංකොත් වෙහෙර කිරි වෙහෙර දෙමළ මහා සැය පරාක්‍රමබාහු ප්‍රතිමාව ආලාහන පිරිවෙන කුමාර පොකුණ පොලොන්නරුව වටදාගේ මැදිරිගිරිය වටදාගේ සෝමාවතිය පුදබිම දිඹුලාගල අරණ්‍ය සේනාසනය

Read More
15

නවාතැන් පහසුකම්

මෛත්‍රී සෙවණ නිවාඩු නිකේතනයේ නවාතැන් ගන්නා ඔබට …   එක වර 500කට පමණ ආරක්ෂිතව සුවපහසු නවාතැන් වැසිකිලි ,නාන කාමර හා සනීපාරක්ෂක පහසුකම් කුඩා කණ්ඩායම් , පවුල් සඳහා වෙනම ලබාගත හැකි කාමර පහසුකම් තමන්ටම ආහාර පිළියෙළ කරගැනීමට හැකි මුළුතැන්ගෙය ඔබගේ මිල මුදල් හා වටිනා දෑ ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ලාච්චු (Lockers) පැය 24 පුරා ආරක්ෂක නිලධාරීන්ගේ […]

Read More
sri-lanka-president-maithripala-sirisena-independence-day-message

ජනපතිතුමන්ගේ පණිවුඩය

පොළොන්නරුව සාඩම්බර සහ ප්‍රෞඪ අතීතයකට හෙබි, පුරවරයකි. එහි පෞරාණිකත්වය සමග මුසුව බෞද්ධ සංස්කෘතික උරුමයන් ද කැටපත්ව තිබේ. දුරාතීතයේ එකම කෙත්යායක්ව පැවති මේ කීර්තිමත් පුරවරය, මෑත අතීතය දක්වාම ස්වාභාවික පීඩාවන්ගෙන් මෙන්ම ඇතැම් පාලන සමයන් තුළ නොතකා හැරීම හේතුවෙන් පීඩාවට ලක් විය. දිනපතා දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සහ සංචාරකයින්ගෙන් පිරී පවතින පොළොන්නරුව, විධිමත් සැලසුම් ඔස්සේ දැන් කඩිනම් සංවර්ධනයක් […]

Read More

පොළොන්නරුව පෞරාණික නගරය

800px-Galvihara-sunny2

අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.

පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.